Saturday, 21 December 2013

ලාංකීය අධ්‍යාපනය හා පුංචි අපි

පට්ටම busy විදිහට ගෙවුණ සතියක්. A/L result ආවා වගේම ඔන්න 5 වසරේ ශිෂ්‍යත්වෙත් cancel ලු A/L ගොඩදාපු උන් සුපිරි ආතල් එකක් ගන්න අතරෙ අනිත් උන් "පැරදීලා පලා ගියේ නෑ" කියලා revision යනව ඇති. අනේ මන්ද... Address ගෙවල් දොරවල් පවා වෙනස් කරලා ලමයි ඉස්කෝලෙට දාන්න Plan කරන්නෙ ළමයා ඉපදෙන්නත් කලින්. අකුරු කියවපු දවසෙ ඉඳන් Doctor කෙනෙක් Engineer කෙනෙක් වෙන්න dream එක. මේ වෙන කොට ඒ වචන දෙකේ බර නොදැනෙන තරමටම common වෙලා.

මොන්ටිසෝරි යන කාලෙටත් අපේ රටේ තියෙනවා සද්දන්ත syllabus එකක්. වෙන රටවල පොඩි උන් කකා බිබී නැලවෙන කොට අපේ උන් පොඩි කාලෙම බහිනවා ගේමට. උන්ව අවුරුදු 5න් ඉස්කොලෙ දානකොට ආකල්ප, ගුණ ධර්ම හැසිරීම අති විශිෂ්ටයි. අපරාදෙ කියන්න බෑ 3 වසරෙ ඉඳන් ඉතින් පොඩි එකාට තියෙන්නෙ මාරම මාර tight schedule එකක්. කොටින්ම කියනවනම් toilet එකේ ඉන්න වෙලාවත් ඒ time table එකේ තියෙනවා. උන්ටත් නොදැනීම ඒ පොඩි උන් මාරෙටම develop වෙනවා කියලා මං නම් හිතන්නෙ. මොකද සමගාමී සමීකරණ 3 ක් මනෝමයෙන් සුළු කරන්න පුළුවන් අවුරුදු 10 පොඩි උන් තමයි දැන් ඉන්නෙ. එතකොට තමයි මතක් වෙන්නෙ "පුංචි පහේ හපනෙක් තරම් මං හපනෙක් නෙවෙමි" කියලා.

ඔය ගැම්මටම O/Level ඉවර වෙනකම් අපේ උන් ඉගෙන ගන්නවා. අපේ O/L ගණිත සර් නම් කිව්වෙ ගුණයත් pass වෙන O/L කියලා. අනේ මන්දා.... O/L වෙන කොටත් අපේ උන්ගේ ඔළුගෙඩි ටික අනෙක් රටවල උන්ට සාපේක්ෂව මාරෙටම පරිණතවෙලා. Western culture එකට අනුව නම් ඔය කාලෙ තමයි ළමයි ගෙදරින් ඈත්වෙලා ජීවිතේ තනියම පටන්ගන්න කාලෙ, සමහරුන්ගෙ studies ඉවර වෙන කාලෙ. ඒත් අපේ රටේ නම් ළමයිව focus කරන ප්‍රධාන විභාගය A/Level පටන් ගන්න කාලෙ.පාට පාට ඇඳගෙන පාට පාට tute, file කවර අරගෙන වෛරණ ජීවිතයක් තමයි ඔය අවුරුදු 2.

ඊට පස්සෙ කට්ටිය campus යනවා ඉංජිනේරුවො, දොස්තරවරු උපාධිධාරියො වෙලා එළියට එනවා. සමහරක් Phd කරනවා.සමහරු මහාචාර්යවරු වෙනවා. කොටින්ම කියනව නම් campus නොගියපු එවුන්ට වෙන රටවල ඉන්න සල්ලි වලින් විභාග පාස් වුණ එවුන්ට වඩා සෑහෙන්න මොලේ තියෙනවා. මං දන්න විදිහට අද ලෝකෙ පරණම විශ්ව විද්‍යාලයේ Maths Department එකේ ප්‍රධානියො වැඩි හරියක් ලංකාවෙන් ගියපු අය. උන්ගෙ අවකලනය, අනුකලනය උන්ට නොතේරෙනකොට උගන්නන්නෙ අපේ මහාචාර්යවරු. ලෝ ප්‍රකට මහාචාර්යවරු ජිල් බෝල ගිලල වගේ හොල්මන් වෙලා බලන් ඉන්නකොට උන්ට Quantum Physics උගන්නන්නෙ අපේ එවුන්.

මොකද්ද මෙහෙම වෙන්න හේතුව නිදහස් අධ්‍යාපනයේ හොඳ කමද? ටියුෂන් වල පිහිටද? නැත්තම් ලංකාවෙ විභාග වල standard එකද? එහෙමත් නැත්තම් ලෝකෙ අනිත් උන් පට්ටම පට්ට මෝඩයන් හින්දද
මට නම් හිතෙන්නෙ ඔය මොකක්වත් නෙමෙයි. මේ හැමදේටම බලපාන්නෙ අපෙ අම්මයි තාත්තයි කියලා. හැමදාම හැමවෙලාවෙම අපේ පිටිපස්සෙ හිටියෙ ඒ දෙන්න. ඒක මාරම මාර කැපකිරීමක්. වෙන රටවල වගේ නෙමෙයි අපේ රටේ පොඩි එකා "ඇයි තාත්තෙ අරක මෙහෙම වෙන්නෙ" කියලා ඇහුවම ඒක කියලා දෙනවා. තාත්ත දන්නෙ නැත්තම් දන්න වෙන වැඩිහිටියෙක් හරි කියලා දෙනවා. මේ විදිහට පොඩි එකා පොඩිකාලෙ ඉඳලම හොඳට මුවහත් වෙනවා. ඒක වෙන්නැති ආසියාවෙ වැඩිම බුද්ධිමතුන්ගේ ඝනත්වය ලංකාවෙ තියෙන්නෙ.
අන්න ඒකයි අදටත්.....අපේ රටේ එවුන් කොහේ ගියත් උදේට අම්මටයි තාත්තටයි වැඳලා යන්නෙ.
ඉතිරි ටික කියවන්න...

Saturday, 2 November 2013

"චෙන්නායි එක්ස්ප්‍රස්" හරහා "මැඩ්රාස් කැෆේ" වෙත

හරියට අඹ ගැටයි බෝල්ට් ඇණයි වගේ එකිනෙකට වෙනස් story 2 ක් තියෙන film 2 වුණත් සිරාවටම මේ film දෙකේ සමානකම් කීපයක් තියෙනවා ඒ සුජිත් සිර්කා අධයක්ෂණය කළ මැඩ්රාස් කැෆේ නිශ්පාදනය කර ඇත්තේ එහි ප්‍රධාන චරිතයට රඟපාන ජෝන් එබ්‍රහිම් විසින් ඒ වගේම තමයි චෙන්නායි එක්ස්ප්‍රස් නිශ්පාදනය කරන්නෙ ෂාරුක්ගෙ wife ඒ කිව්වෙ ගෞරි. ඒ වගේම මේ film දෙකේම ශ්‍රීලංකාව ගැන කියවෙනවා ඒවගේම ශ්‍රි ලංකාවට සම්බන්ධ විවිධ සිද්ධි කිපයක්ද ඉදිරිපත් කරනවා. ඔන්න ඕව තමයි සමානතා. අනිත් හැම අතින්ම මේ film 2 අසමානයි.

කොහොම වුණත් චෙන්නායි එක්ස්ප්‍රස් නම් පට්ට චාටර් මොකද මෝඩ විකට චරිතයක් රඟපාලා අන්තිමට තමන්ගෙ පෙම්වතිය ජය ගන්නව වගේ සීනි බෝල story එකක් තියෙන තමනගෙ මනෝරාජික චිත්‍රපටියට ෂාරුක් වියදම් කරන වෙලාවෙ ජෝන් එබ්‍රහම් ගෙ ආයෝජනය ඇත්තටම වටින එකක්.

මැඩ්රාස් කැෆේ කියන්නෙ කලාත්මක උසස් රසවින්දනයකින් යුතු ප්‍රබල තේමාවක් සහිත චිත්‍රපටියක් කිව්වොත් මං නිවැරදියි. ශ්‍රි ලංකාවෙ උතුරේ පැවතුණ විමුක්ති කොටි සංවිධානයේ අරගලය ගැන ඉතා සියුම් වගේම සරල විග්‍රහයක් මේ තුල යෙදෙනවා. උතුරේ එවකට පැවති තත්වය යම් සාධාරණ රූප රාමු මගින් නිරූපනය ඉතාම සිත් ගන්නා සුලුයි. සුපුරුදු බොලිවුඩ් න්‍යාය පරයා යමින් අහම්බෙන් සමීප වෙන තරුනිය හා පෙමින් වෙලෙන සුලබ තත්වය මැඩ්රාස් කැෆේ තුල සිදු වීමට එහි අධ්‍යක්ෂක වරයා ඉඩ තබන්නේ නැත. Simply කියනවනම් ඔහු romantic හැගීම් උද්දීපනය වීමට ඉඩ නොතියා main concept එකට සිය ප්‍රේක්ෂකයා යොමු කරවනවා. Mission unsuccessful හමුදා නිලධාරියෙකුගේ අතීතාවර්ජනයක් ලෙස දිග හැරෙන මෙය රජීව් ගාන්ධි ඝාතනයේ අපුර්වතම ප්‍රතිනිර්මාණයක්

මේ film එක බලද්දි දැණුනෙ, සිරා film එකකට ප්‍රස්තුතයන් ලංකාව තුල මෙච්චර තිබුණත් ඒ එකක්වත් කාටවත් touch වුණේ නැත්තෙ ඇයි කියලා. බණ්ඩාරනායක, විජේවීර ඝාතනය, 71 කැරැල්ල 88-89 ධවල භීෂණ්‍ය 83 කළු ජූලිය වාගේ සිද්ධි සිනමා නිර්මාණ වලට දායක කර නොගන්නෙ තාමත් ලංකාවෙ දේශපාලන අධිකාරිත්වය හමුවේ කලාකරුවා මරාදමා වන්දිභට්ටයන් ඉස්මතු කරගන්නා procedure එක ක්‍රියාත්මක වෙන නිසා වෙන්නැති.
ඉතිරි ටික කියවන්න...

Friday, 18 October 2013

සමනල සංධ්වනිය ඇසූ කල

වාදීෂ යනු විරාගයේ අරවින්ද යැයි මා නොකියමි. ඒත් වාදීෂ යනු අරවින්ද නොවේ යැයිද මා නොකියමි.
ඒ මක්නිසාද යත් වාදීෂ තුළද අරවින්ද ජීවත් වන හෙයිනි. ජීවිතයට අහම්බයක් සේ පැමිණෙන සමහරු ජීවිතය පුරාවටම අප හදවතේ ලැගුම් ගනී. සමනල සංධ්වනිය එවැනි අපූර්වත අත් දැකීම්ක සිනමා ප්‍රත්‍යාවලෝකනයකි.

වාදීෂ අතට අහම්බෙන් හමුවන ලියුම ඔහුගේ ජීවිතයට මහත් ප්‍රකම්පනයක් ඇති කරයි. එය ඔහුගේ ජීවන ගමන වෙනම මානයකට රැගෙන යයි. එකී හසුන් පත නිසා නව යොවුන් වාදීෂ ඒක පාර්ශවීය ප්‍රේමයකින් බැඳේ. වසර 20 පසු ඔහුගේ මුල්ම ස්වත්‍රන්ත්‍ර නාද මාලාව බිහිවන්නේ එම ඒකපාර්ශවික ප්‍රේමය ගිලිහී යාමේ ප්‍රතිඵලයක් ලෙසය.

ඉකිගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා....

ගීතයේ සිරවූ ඉකිබිඳුම අප තුලම සිරවූ බව කියා පාන තරමටම ගීත නාද මාලාව හෘදයාංගමය.එය දින කීපයකට පෙර, මාස කීපයකට පෙර, වසර කීපයකට පෙර නැත්නම් ආත්ම ගණනකට පෙර සිරවූ ඉකිබිඳුමක්ද යන වග නොදනිමි.  වරක් ඇසූ කල්හි ගීතයේ දෝංකාරය අප වටා සැරි සරන බව දැනේ.

ජීවිතයේ අප ආදරය කරන බොහෝ දේ එකිනෙකට වෙනස් පෞද්ගලික අත් දැකීම් වන බව මගේ මතයයි.
මිනිස් සිතිවිලි හා බැඳුණ අප්‍රමාණ ආදර කතාවක් සමනල සංධ්වනිය ඔස්සේ සියුම්ව නෙත සිත අභියස නිම් නොවන රසයක් මවමින් ඉදිරිපත් කරයි.

"එකකට එකක් සම්බන්ධ..... එකක් පස්සෙ එකක් ගමන් කරන
දේට මිනිස්සු කියන්නෙ ජීවිතය කියලා

එකකට එකක් සම්බන්ධ නැති.... මෙන්න මේකයි කියන්න හේතුවක්
නැති දේට මිනිස්සු කියන්නෙ ආදරය කියලා"

යශෝධා.... චිත්‍රපටයේදි නම් පුණ්‍යා....චිත්‍රපටිය අතරතුර ඇගේ හඬින් කියවෙන්නේ සදාතනික සත්‍යයක් බව මගේ හැඟීමය. ආදරේ නිර්වචන ඉදිරිපත් කළ නොහැකි, හේතු දැක්විය නොහැකි අපූර්වත හැඟුමකි.
"ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්තයි, පාරිශුද්ධයි, සුරමයයි." පුණ්‍යාගේ චරිතය එක් එක් සන්ධිස්ථානයන් හිදී ඒ ඒ මනෝභාවයන් හා බැඳෙමින් තත්වානුරූපී රංගනයක යෙදෙයි. සෑම වසරකම මාර්තු 07 පුණ්‍යාට විශේෂිතය. ඒ ඈ රේවතව මුලින්ම හමුවන්නේ එවන් වූ දිනයකය. එබැවින් ඈ සෑම වසරකම මාර්තු 7 වැනිදා කුමාරි උද්‍යානයට පැමිණීමට සපථ කරයි. රේවතගේ වියෝවෙන් ඉක්බිතිවද ඈ එම පොරොන්දුව ඉටු කරයි. ඒ ඇගේ ආදරය පරමාදර්ශී එකක් නිසාවෙනි. අතීතයේ පටන් මහා කාව්‍ය නිර්මාණය
වුණේත් මනෝරම්‍ය කලා නිර්මාණ බිහි වුයේත් එකී පරමාදර්ශී ප්‍රේමය ප්‍රස්තුත කරගෙනය.

වාදීශ දේවමින්ද වික්‍රමනායක වසර 20 පසු අති දක්ෂ සංගීතඥයකි. තමා හදවතින් පෙම කල ඇගේ වියෝව ඔහුට විසි වසක් පුරාවට දැණිනි ආරම්භයේ තෙත් වූ දෑසින් පීඩිත හදවතින් සිය හඬ පෞරුෂවය අවදි කරන
වාදීෂ අවසානයේ සැනසුම් සිනාවක් සමඟ ගීතය ගයයි. ඒ ජීවිතය ප්‍රේමය පිළීබඳ අත්පත් කරගත් නැවුම් අවබෝධය සමඟය.චිත්‍රපටියේ අවසානයට වාදීශ සිනාමුසු මුහුනින් ලස්සන කතන්දරයක් කියයි. ඒ කලා කෘති බිහිවන්නේ ඕපපාතිකව නොව කලා කරුවෙකුගේ හදවතේ වේදනාව හා කම්පනය තුලින් බවය. චිත්‍රපටියේ කතාව වචනයට නැඟිමට තරම් මම සාමර්ථයෙකු නොවෙමි. මෙය ඇත්තෙන්ම සංගීතමය චිත්‍රපටියකි. අභිමාන් සාජන් වැනි අග්‍රගණයේ නිර්මාණ සමඟ සැසඳිය හැකි කලා කෘතියකි. ගීතයට සංගීතයට ඔබ්බෙන් ගොස් සිතා බලන විට මේ මදි යයි විටක හැගේ. ගරිල්ලා මාකටිං, අග්නිදාහය තුල අප දුටු ඔහුගේ සිනමා පෞරුෂවය මෙහි නැත. ප්‍රේමයේ බොළඳ බවට හානි වේ යැයි බියෙන් එසේ කලාදෝ යැයි මට නම් හැඟේ.

හිරිවැටුණු මිනිස් ආධ්‍යාත්මය අවදි කිරීමට සිනමාවේදියාට කළ හැකි සමාජ බලපෑම ඉමහත්ය. දේශපාලන අධිකාරිත්වය හමුවේ කලාකරුවා මරාදමා වන්දිභට්ටයන් ඉස්මතු කරගන්නා විට, අවරසිකත්වය උදෙසා බොල් ගීත නිර්මාණ බිහිවන යුගයක, මුදල මතම පදනම්ව අවර ගණයේ නිර්මාණ බලෙන් අස්සවමින් සිටින පසුබිමක, සුභාවිත සිනමා නිර්මාණය කිරීමේ වගකීම, ජයන්ත චන්ද්‍රසිරි මහතා මනාව ඉටුකර ඇත.

සමනල සංධ්වනිය බැලීමට චිත්‍රපටි ශාලාවට අපි (තුසිත,චරිත,චාරුක,සදීශ්, දුමිදු හා මම) අඩිය තියන්නේ මහත් බලාපොරොත්තුවකිනි. ඒ කිසිවක් නිසා නොව හුදෙක් ජයන්ත චන්ද්‍රසිරි කියන නම හා බැඳුනු හොඳ තත්වයේ චිත්‍රපටි අප මීට කලින් නරඹා ඇති නිසාය. වාසනාවකට එය වෙනස් නොකර නැවතත් ජයන්ත චන්ද්‍රසිරි අතීත රජවරුන්ගේ නාමාවලියෙන් එකක්  චිත්‍රපටි ශාලාවලට නොදමා ඉතා යථාර්තවාදී රීතියකින් සරලව ගලා යන සමනල සංධ්වනිය දමා ඇත.
ඉතිරි ටික කියවන්න...

Wednesday, 9 October 2013

ඉස්කෝලෙ කාලේ

කැම්පස් එනකම් හිතන් හිටියෙ කැම්පස් එක තමයි පට්ට fun කියලා. මං නම් හිතන් හිටියෙ හින්දි චිත්‍රපටිවල වගේ නටනට සින්දු කියන life එකක් තියෙන්නෙ කියලා.කොහෙද ඒ කාලෙ tution කරපු සර්ලා අපිව
අන්දලා.කැම්පස් ආවම තියෙන වැඩ ගොඩ දැක්කම ඇඟේ මයිල් smile වෙනවා. කොහොම වුණත් ඔය විදිහට මනෝ පාරක් ගහගෙන ඉන්නකොට තමයි ඉස්කෝලෙ කාලෙ කෙලපු පිස්සු මතක් වුණෙ.
7.25 වෙනකොට යාන්තං ඉස්කෝලෙ ගේට්ටුව ගාව ඉන්න එක තමයි  ඒ දවස් වල හැමදාම උදේ ප්‍රාර්ථනා කලේ නැත්තම් ඉස්කෝලෙ වටේ අතු ගාන්න වෙන්නෙ පරක්කු වෙලා යන set එකට නිසා උසේන් බෝල්ට්
බෙන් ජොන්සන්ලගෙ records පවා කඩාගෙන උදේට ඉස්කෝලෙ ගියා.ගියවෙලාවෙ ඉඳන් බලන් ඉන්නෙ Interval එක එනකම් මොකද ඒ වෙනකම් කරන්න කියලා හරි හැටි වැඩක් නැති නිසා. ඇත්තටම ඒ කාලෙ කලේ කෑම කන එකයි ඔක්සිජන් කාබන්ඩයොක්සයිඩ් කරපු එකයි විතරයිද කියලත් හිතිච්ච වාර ගණන අනන්තයි. කොහොම හරි Interval එකට පාන් පෙත්තක් බනිස් කෑල්ලක් share කරගෙන කන්න පුරුදු වෙච්ච system එක අද වෙන කොටනම් පද n ගණනකට අවකලනය වෙලා. ඉස්සර බත් එක දිග ඇරියම අතවල් ගොඩකුයි ඔළු ගොඩකුයි විතරයි පේන්නෙ. අත හෝදන් එන්න එහෙම ගියත් ඉතිරි වෙන්නෙ ඔතපු කොලේ විතරයි. උපරිම කාර්යක්ෂමතාවෙ යොදවලා යාන්තම් කටවල් 2 ක් කනවා. බඩගින්නෙ හැටියට ඒක වලවෙ ගඟට පැනඩෝල් පෙත්තක් දැම්ම වගේ.හැබැයි මොනවා කිව්වත් ඒකෙ thrilල දන්නෙ එහෙම කාපු එකෙක් විතරයි. අතේ ඇඟිලි වලින් ගණන් කරලා මදි වුණාම අල්ලපු එකාගෙත් ඇගිලි ගණන් කරලා හදපු ගණන් තාම මතකයි. අද හදන ගණන් වල x,y,z ඇරුනම එක ඉලක්කමක්වත් නෑ. පිටු අසූ හාරදාහක් විතර හදලා උත්තරේ ගත්තම අපරාදෙ කියන්න බෑ ඇවිත් තියෙන්නෙ වෙන උත්තරයක්.

Period අස්සෙ canteen ගියාට toilet ගියාට, එපා කියපු අත් දිග shirt එක නවලා ඇන්දට, එක එක hair style දැම්මට, හදිස්සියකට ගෙදරට පණිවිඩයක් කියන්න mobile එක අරන් ආවට ඒ කාලෙත් අපි ඇත්තටම හොඳ ළමයි. pen touch බැටරි කෑලි දෙකක් තරම්වත් උස නැතුව හිටපු අපි උස් මහත් වුණෙ යාළුවො set වුණෙ, වල ගැහුවෙ, කොටු පැන්නෙ, දාම් ඇද්දෙ හැම රෙද්දම වගේ ඉගෙන ගත්තෙ ඉස්කෝලෙන්. නිවුටන් කෙප්ලර් ගවුස් ලගෙ ප්‍රවාද වලින් අපට නොලැබුණ මනුස්සකම අපි ඇත්තටම ඉගෙන ගත්තෙ ඉස්කෝලෙදි.

ඉතිරි ටික කියවන්න...

Wednesday, 25 September 2013

Chennai Express බැලුවට පස්සෙ

ෂාරුක්(රාහුල්) ඩිෆෙන්ඩර් රථයක යන ගමන් ඉදිරියෙන් එන ඩිෆෙන්ඩර් රථයකට ලොකු මන්න පිහි පාරක් දුන්නා. වාහනේ කැරකිලා ගිහින් අනිත් පැත්ත පෙරළිලා රෝද ටික උඩට හිටින්න නැවතුණා. ඒ පසුගිය අගෝස්තු මාසයේ තිරගත වෙන්න පටන් ගත්ත Chennai Express චිත්‍රපටයේ රූප රාමු කීපයක්. සිරාවටම මේ Film එක නිවුටන් බැලුව නම් පොර වහ ටිකක් කාලා ගලක් බැඳගෙන මුහුදට පනින ගමන් පිහියකිනුත් පපුවට ඇණගන්නවා ෂුවර්. පට්ට serious mood එකකින් ඒ film එක බලන්න ගත්තත් මීට කලින් King Khan ගෙ film වල තිබුණ Romantic feeling එක නම් මේකෙ ඇත්තෙම නෑ.

හින්දි love story එකක් අඬ අඬා බලන එක වැරැද්දක් නෙමෙයි මොකද film එකේ සිරාම ආතල් එක ගන්නෙ උන් තමයි. Hollywood Action film එකක වීරයා නැගිටිනකොට පුටුවෙන් නැගිට්ටෙන තරම් සිරාවට film බලන එකත් වැරැද්දක් නෙමෙයි. මොකද ලෝකය ගෝලාකාරයි වගේම මිනිස්සු විවිධාකරයි.

පොඩිකාලෙ පට්ට ගේමෙන් බලපු එකක් තමයි Knight Rider, ඒකාලෙ ඉතින් එකම ප්‍රාර්ථනාව Kit වගේ කාර් එකක් ගන්න. ඒවගේම තමයි මයිකල් හිරකළාම පොරගාව තියෙන යතුරු set එකෙන් ලෝකෙ ඕනෙම දොරක් අරින්න පුළුවන්. හදිස්සියෙ හරි ඒ යතුරු ටික නැතිවෙන කොට කාමරේ මුල්ලෙ 2x2 පොලු කෑල්ලක් හරි තියෙනවා. ඒ පොල්ලෙන් කෑම ගේන එකාට ගහලා මයිකල් මාරු වෙනවා. Super Hero කෙනෙක්ගෙ අවශ්‍යතාවය ලෝකෙට දැනෙන්න ගත්තෙ හුඟාක් මෑත ඉතිහාසයේදි. ඉතින් ඒකාලෙ ඉඳන්ම එක එක ජාතියෙ මෑන් ලා බිහිවුණා. Bat Man, Super Man, Iron Man. 2013 වෙනකම් නිකුත් වුන හැම Super Man film එකම super man හරි හදිස්සිකාරයා යට ඇඳුම අඳින්නෙම අන්තිමට. ඉතින් පොඩි උන් හිතන්නෙ ඒ වගේ dial එකක් වෙන්නනම් ඒක උඩින් අඳින්නම ඕනෙ කියලා. අනික Hulk කොච්චර ලොකු වුනත් සේරම ඇඳුම් ඉරුණත් අර නිල්පාට කලිසම නම් ඉතිරි වෙනවා. ඒ දේවල් හිතට එච්චරටම අවුලක් නොවුණත් ඔය බලන දෙමළ film වල බිත්ති කඩන් හැතැම්ම ගණන් උඩ විසිවෙන ඒවා එහෙම අතාත්වික ප්‍රයෝග කියලයි මට නම් හිතෙන්නෙ. Chennai Express වලත් ඒවගේ තියෙන කොට ඇත්තටම ඒකත් ප්‍රාථමික නිර්මාණයක් විදිවට මට දැනුණා. සිනමා විචාරයකට ලොකු දැනුමක් නැති වුණත් Dil wale dulhaniya le jayenge ඉඳලා Jab Tak Hai Jaan දක්වා ෂාරුක්ගෙ සියළුම film වල ඇත්තටම හිතට දැනෙන ලොකු ලල් එකක් තිබුණා.

මේ ලෝකෙ මිනිස්සු හරිම ආත්මාර්ථකාමී හැමෝම කැමති හැමදාම දිනන්න. කතාවෙ ප්‍රධාන නළුවට ගහන්න හත් අට දෙනෙක් ආවට එක පාරකට එකයි එන්නෙ. උන් මැරයො වුණත් පට්ට decent පිට බලන් ඉන්නවා. නිකමට හරි මන්නයක් හරි කඩුවක් හරි ප්‍රධාන නළුවට හම්බ වුණත් පොර ඒකත් විසි කරලා අතින් ගහනවා. ඇත්තටම කතා ගොඩක් බලපු එකෙකුට පුලුවන් ඕනෙම කතාවක ඊළඟට මොකද්ද වෙන්නෙ කියලා කියන්න.

මට නම් Love Story බලනකොට තනි ඇහැට ඇඬෙන්න ඕනෙ, කනෙන් කඳුළු එන්න ඕනෙ. Action බලන කොට full සිරාවට කනේ වංගු පවා කෙලින් වෙන්න ඕනෙ. Comics බලනකොට බඩ කොර වෙන්න හිනා වෙන්න ඕනෙ. අන්න එතකොටයි සාර්ථක film එකක් කියලා මට නම් හිතෙන්නෙ.

Chennai Express බැලුවට පස්සෙ හිතුණෙ අයියෝ මාරු සල්ලි ටික කියල
ඉතිරි ටික කියවන්න...