හරියට අඹ ගැටයි බෝල්ට් ඇණයි වගේ එකිනෙකට වෙනස් story 2 ක් තියෙන film 2 වුණත් සිරාවටම මේ film දෙකේ සමානකම් කීපයක් තියෙනවා ඒ සුජිත් සිර්කා අධයක්ෂණය කළ මැඩ්රාස් කැෆේ නිශ්පාදනය කර ඇත්තේ එහි ප්‍රධාන චරිතයට රඟපාන ජෝන් එබ්‍රහිම් විසින් ඒ වගේම තමයි චෙන්නායි එක්ස්ප්‍රස් නිශ්පාදනය කරන්නෙ ෂාරුක්ගෙ wife ඒ කිව්වෙ ගෞරි. ඒ වගේම මේ film දෙකේම ශ්‍රීලංකාව ගැන කියවෙනවා ඒවගේම ශ්‍රි ලංකාවට සම්බන්ධ විවිධ සිද්ධි කිපයක්ද ඉදිරිපත් කරනවා. ඔන්න ඕව තමයි සමානතා. අනිත් හැම අතින්ම මේ film 2 අසමානයි.
කොහොම වුණත් චෙන්නායි එක්ස්ප්‍රස් නම් පට්ට චාටර් මොකද මෝඩ විකට චරිතයක් රඟපාලා අන්තිමට තමන්ගෙ පෙම්වතිය ජය ගන්නව වගේ සීනි බෝල story එකක් තියෙන තමනගෙ මනෝරාජික චිත්‍රපටියට ෂාරුක් වියදම් කරන වෙලාවෙ ජෝන් එබ්‍රහම් ගෙ ආයෝජනය ඇත්තටම වටින එකක්.
මැඩ්රාස් කැෆේ කියන්නෙ කලාත්මක උසස් රසවින්දනයකින් යුතු ප්‍රබල තේමාවක් සහිත චිත්‍රපටියක් කිව්වොත් මං නිවැරදියි. ශ්‍රි ලංකාවෙ උතුරේ පැවතුණ විමුක්ති කොටි සංවිධානයේ අරගලය ගැන ඉතා සියුම් වගේම සරල විග්‍රහයක් මේ තුල යෙදෙනවා. උතුරේ එවකට පැවති තත්වය යම් සාධාරණ රූප රාමු මගින් නිරූපනය ඉතාම සිත් ගන්නා සුලුයි. සුපුරුදු බොලිවුඩ් න්‍යාය පරයා යමින් අහම්බෙන් සමීප වෙන තරුනිය හා පෙමින් වෙලෙන සුලබ තත්වය මැඩ්රාස් කැෆේ තුල සිදු වීමට එහි අධ්‍යක්ෂක වරයා ඉඩ තබන්නේ නැත. Simply කියනවනම් ඔහු romantic හැගීම් උද්දීපනය වීමට ඉඩ නොතියා main concept එකට සිය ප්‍රේක්ෂකයා යොමු කරවනවා. Mission unsuccessful හමුදා නිලධාරියෙකුගේ අතීතාවර්ජනයක් ලෙස දිග හැරෙන මෙය රජීව් ගාන්ධි ඝාතනයේ අපුර්වතම ප්‍රතිනිර්මාණයක්
මේ film එක බලද්දි දැණුනෙ, සිරා film එකකට ප්‍රස්තුතයන් ලංකාව තුල මෙච්චර තිබුණත් ඒ එකක්වත් කාටවත් touch වුණේ නැත්තෙ ඇයි කියලා. බණ්ඩාරනායක, විජේවීර ඝාතනය, 71 කැරැල්ල 88-89 ධවල භීෂණ්‍ය 83 කළු ජූලිය වාගේ සිද්ධි සිනමා නිර්මාණ වලට දායක කර නොගන්නෙ තාමත් ලංකාවෙ දේශපාලන අධිකාරිත්වය හමුවේ කලාකරුවා මරාදමා වන්දිභට්ටයන් ඉස්මතු කරගන්නා procedure එක ක්‍රියාත්මක වෙන නිසා වෙන්නැති.
skip to main |
skip to sidebar


0 comments:
Post a Comment